Homeමුල් පිටුවමධ්‍යම පළාත් පුෂ්පය

මහ රත් මල - මධ්‍යම පළාත් පුෂ්පය

maha rathmala - Provincial Flower of Central Province

මධ්‍යම පළාත් පුෂ්ඵය වන මහ රත්මල මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ට වඩා උසින් පිහිටි හෝර්ටන් තැන්න, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, මුන්තැන්න, ආදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශ වල වැඬේ.

මෙම ශාකය වනාන්තරවලට වඩා විවෘත පනත භූමි වල වැඬේ. විවෘත පතන භූමි වලදී අඩි 2ත් 3ත් අතර උසකට වැඩෙන මෙම ශාකය වනාන්තරවලදී අඩි 10ත් 15ත් අතර උසකට වැඬේ. ශීත කලාපයේ වැඩෙන මෙම ශාකය හෝර්ටන් තැන්නේ නිරන්තරයෙන් ඇතිවන ලැව්ගිනි තත්වයනට ඔරොත්තු දෙමින් ගින්නෙන් විනාශ වන භූමිවලම නැවත වැඬේ. මෙම ශාකයේ පත‍්‍ර මිලිමීටර් 110 ං 50 ඝනකමින් යුතු වන අතර වෙනත් උප විශේෂ මෙන් මහ රත්මලේ පත‍්‍රවල යටිපැත්තේ දු`ඹුරු පැහැ කෙ`දි දක්නට ලැබේ. මෙම ලක්ෂණය නිසා තද ශීතලට ඔරොත්තු දීමේ හැකියාව ලැබී තිබේ.

මහරත්මල් වල පොහොට්ටුව ඔිවලාකාර හැඩයක් ගනී. මල් තද රතු පැහැති පොකුරු වශයෙන් හටගනී. එවැනි එක් පොකුරක මල් 10ත් 20ත් අතර ප‍්‍රමාණයක් හටගන්නා අතර ඒවා වෙන්කල විට එක් මලක් මි.මී. 35 ං 20 ප‍්‍රමාණය ගනී. හොර්ටන් තැන්නේදී අපේ‍්‍රල් සිට ජූනි දක්වා කාලය තුල මහ රත්මල් පිපෙන අතර රොන් ගැනීමට මල් වෙත එන මී මැස්සන්, සමණලයන් හා කුරුල්ලන් නිසා මී දුමින් වැසුනු ක`දුකරයට වඩාත් අලංකාරයක් එක් වේ.

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

අමුත්තන්

අප සමඟ 12 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

611966
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
305
990
5405
4063
10389
20422
611966

ඔබේ IP: 54.226.132.197
Server Time: 2017-12-17 19:14:04
Joomla templates by Joomlashine