පසුබිම

paddy farmer

ශී‍්‍ර ලංකාවේ පළාත් සභා ක‍්‍රමය ආරම්භයේ සිටම මධ්‍යම පළාත් සභාව දැවැන්ත සංවර්ධන පියවරයන් සනිටුහන් කර ඇති අතර, බි‍්‍රතාන්‍ය පාලන සමයේ සිටම මධ්‍යම පළාත සුවිශේෂි ආර්ථික කේන්ද්‍රස්ථානයක්ව ඇත. වසර 2010 දී දළ දේශිය නිෂ්පාදිතය සඳහා මධ්‍යම පළාත් දායකත්වය 10‍% කින් ඉහළ නැංවිය හැකි වු අතර, පළාත් අතර එය තුන්වන ඉහළම දායකත්වය වේ ( මහාබැංකු වාර්තා). එසේම මධ්‍යම පළාතේ සුවිශේෂි භූගෝලිය තත්ත්වයන් හි මහිමයෙන් කෘෂිකාර්මික අංශයෙන් ජාතික ආර්ථිකයට 18.2‍% ක දායකත්වය ලබාදීමට පළාතට හැකි වීම වැදගත් කරුණකි. මධ්‍යම පළාතේ සාමාන්‍ය මාසික ආදායම 2009/2010 වර්ෂය සඳහා රු. 8040 ක් වන අතර, එය මැදි ආදායම් තත්ත්වයක් වශයෙන් සාමාන්‍ය ආදායම් විෂමතාවක් විදහාපාන්නකි.

Tea pluckerඑසේම අපනයන ආර්ථීකයට සැලකිය යුතු දායකත්වයක් මධ්‍යම පළාතෙන් ලබාදෙන අතර, ලොව සුපතළ  "ශ‍්‍රී ලංකා තේ" (Ceylon Tea)  මෙහි දි ප‍්‍රධානතම අපනයන භාණ්ඩයක් ලෙස හැදින්විය හැක. පුළුල් ජනවාර්ගික විවිධත්වය මධ්‍යම පළාතට අනන්‍ය වු තත්ත්වයක් වන අතර, 2012 වර්ෂයේ දී සිංහල 65.9‍% ද, ඉන්දියානු දෙමළ 18.9‍% ද, ශ‍්‍රී ලංකා යෝනක 9.9‍%  ද, ශ‍්‍රී ලංකා දෙමළ 5.0‍% ද, සහ බර්ගර් 0.1‍% ක් ද වන අයුරින් ජන සංයුතිය සැකසී ඇත. මෙම සෑම ජන කොටසකටම සුවිශේෂී වූත්, විවිධාකාර වූත් අවශ්‍යතා සාර්ථකව සපුරාලීමට මධ්‍යම පළාත් සභාවට හැකියාව ලැබී ඇත. වසර 2012 ජන සංගණනයට අනුව මධ්‍යම පළාතේ ජනගහනය 2,558,716 ක් වන අතර, එය සමස්ත ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 12.62‍% කි. මේ අනුව දිවයිනේ දෙවන වැඩිම ජනගහනයක් සහිත පළාත, මධ්‍යම පළාතය. එතුළින් ගම්‍ය වන්නේ පරිපාලනමය සහ මූල්‍යමය අතින් මධ්‍යම පළාත අතිශය වැදගත් වන බවයි. 2012 ජන හා නිවාස සංගණනයට අනුව මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනගහනය 1,369,899 ක් වන අතර, එය පළාතේ වැඩිම ජනගහනයක් සහිත දිස්ත‍්‍රික්කය වේ. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනගහනය 706,588 ක් ද , මාතලේ දිස්ත‍්‍රික්කයේ ජනගහනය 482,229 ක් ද වේ.

 

පළාත් පාලන සංවර්ධන කටයුතු

දිස්ති‍්‍රක්කය

 

මාර්ග සංවර්ධනය (Km)

සපයන ලද සනීපාරක්‍ෂක පහසුකම්

සපයන ලද රථ ගාල් කිරීමේ පහසුකම්

දැනුවත්කිරීමේ හා පුහුණු කිරීම වැඩසටහන්

2009

2010

2011

2009

2010

2011

2009

2010

2011

2009

2010

2011

මහනුවර

286.5

641.1

294.6

179

211

172

0

4

11

 

 

 

මාතලේ

71.6

122.2

73.4

2

3

7

0

0

0

29

54

352

නුවරඑළිය

34

35

45.5

16

1

58

2

0

29

 

 

 

එකතුව

392.1

798.3

413.5

197

215

237

2

4

40

29

54

352

 

road development2010 වසර, මාර්ග සංවර්ධන කටයුතු වලට අදාළව සුවිශේෂි වසරක් විය. පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් එම වසරේ පළාත් මාර්ග කි.මි. 800 ක දුරක් සංවර්ධනය කෙරුනු අතර ඉන් කි.මි. 600 ක ප‍්‍රමාණයක් මහනුවර දිස්ත‍්‍රික්කය තුළ සිදුකරන ලදී. වසර 2009-2011 කාලය තුළ කි.මි. 1600 ක මාර්ග සංවර්ධනය කෙරුනු අතර, වසර 2016 වන විට අපේක්‍ෂිත ඉලක්කය වනුයේ තවත් කි.මි. 1500 ක ප‍්‍රමාණයක් මාර්ග පද්ධතියට එකතු කිරීමය. පසුගිය වසර 3 තුළ බොහෝ කාර්යයන් මහනුවර දිස්ත‍්‍රික්කය තුළ සිදු  කෙරුනු අතර, සනීපාරක්‍ෂක පහසුකම් 600 කට වැඩි ප‍්‍රමාණයක් මහනුවර දිස්ත‍්‍රික්කය තුළ ස්ථාපිත කරන ලදී.

එම වකවානුව තුළ මාතලේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්ක තුළ ස්ථාපිත කෙරුනු සනීපාරක්‍ෂක පහසුකම් ප‍්‍රමාණය 87 ක් බැවින්, එම දිස්ත‍්‍රික්ක දෙක වෙත වඩාත් අවධානය යොමු කළ යුතුව තිබේ. මෙම වසර තුන තුළ රථගාල් කිරීමේ පහසුකම් 46 ක් නුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්ක දෙක වෙත සැපයුව ද, මාතලේ දිස්ත‍්‍රික්කය තුළ කිසිදු රථගාල් කිරීමේ පහසුකමක් ස්ථාපිත නොවුනි. කෙසේ වුව ද, ඉදිරි වසර තුළ පළාත් පාලන බල ප‍්‍රදේශ 43 ක් තුළ ත‍්‍රි රෝද රථගාල් කිරීමේ පහසුකම් 50ක් ස්ථාපිත කිරීමට දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියා කරනු ඇත.

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

අමුත්තන්

අප සමඟ 118 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

416832
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
3087
6158
15025
41162
79659
25811
416832

ඔබේ IP: 68.180.230.226
Server Time: 2017-02-28 14:11:23
Joomla templates by Joomlashine