Homeමුල් පිටුවපරිපාලන හා භූවිද්‍යා විස්තාරය

පරිපාලන හා භූවිද්‍යා විස්තාරය

sri lanka central province locator map

ශී‍්‍ර ලංකාවේ මධ්‍යකඳුකරයේ පිහිටා ඇති අතර එය මහනුවර මාතලේ සහ නුවර එළිය යන දිස්ති‍්‍රක්ක තුනෙන් සමන්විතය. මධ්‍යම පළාතෙහි මු`ඵ බිම් ප‍්‍රමාණය වර්ග කි. මී. 5674 ක් වනඅතර, එය ශී‍්‍ර ලංකාවේ මුළුබිම්ප‍්‍රමාණයෙන් 8.6% ක  ප‍්‍රදේශයක් වසා පැතිරපවතී.  පළාත උත්තර අක්ෂාංශ 6.6° - 7.7° අතර සහ නැගෙනහිර දේශාංශ 80.80 -80.90 අතර පිහිටා පවති. එය මුහුදු මට්ටමේ සිට අඩි 6000 කට ඉහළ පිහිටීමක් පෙන්නුම් කරයි. මධ්‍යම පළාත උතුරු මැද පළාතින් වෙන්වීම සඳහා උතුරු දිශාවෙන් මායිම් වී ඇත්තේ මහවැලි ගඟෙන් හා උමා ඔයෙන් වන අතර, නැගෙනහිර දිශාවෙන් මායිම් වී ඇත්තේ සමනල, කිරිගල් පොත්ත සහ කොටගල කඳු පන්ති වලින් සහ බටහිර දිශාවෙන් දොලොස්බාගේ සහ ගලගෙදර කඳු පන්තිවලනි.

පළාතේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 16° සිට 26° ක පරාසයක පවතින අතර, අවම උෂ්ණත්වය වාර්තා වන්නේ නුවර එළියෙන්ය. මධ්‍යම පළාතේ ඉඩම් ප‍්‍රමාණයෙන් 52‍% ක් මේ වන විටත් වගා කටයුතු සඳහා යොදාගෙන ඇති අතර 6.3% ක බිම් ප‍්‍රමාණයක් තව දුරටත් වගා බිම් ලෙස භාවිතයට ගත හැකි බව හඳුනාගෙන තිබේ. වගා කටයුතු සඳහා යොදාගත් බිම් ප‍්‍රමාණයෙන් 35% ක් තේ වගාව සඳහා යොදාගෙන ඇති අතර, 14‍% ක ප‍්‍රමාණයක් වී වගාව සඳහා යොදාගෙන ඇත. පොල් සහ රබර් වගාව සඳහා යොදා ගත් බිම් ප‍්‍රමාණය පිළිවෙලින් 4.8% හා 2.3% ක් වේ.

මධ්‍යම පළාතේ දිස්ති‍්‍රක්ක තුන පරිපාලන කටයුතු සඳහා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 36 කට වෙන් කර ඇති අතර තව දුරටත් ඒවා ග‍්‍රාම නිලධාරි කොට්ඨාශ 2,224 කටත් , ගම් 5,763 කටත් බෙදා ඇත. එය මහ නගරසභා 4 ක් නගර සභා 6 සහ ප‍්‍රාදේශීය සභා 33 කින් සමන්විත පළාත් පාලන ආයතන වලින් යුක්ත වේ.

පළාත් පරිපාලනය මධ්‍යම පළාත් සභාවට පවරා ඇති අතර, අති ගරුජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙක් යටතේ ඡුන්දයෙන් පත් වුන මහජන නියෝජිතයන් පනස් අට දෙනෙකු ගෙන් මධ්‍යම පළාත් සභාව සමන්විත වේ. 2001 වර්ෂයේ සිට 2012 වර්ෂය ස`දහා සාමාන්‍ය වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය 0.51‍% ක් විය. මධ්‍යම පළාතේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 458 කි.  2001 දත්ත වලට අනුව පළාතේ ජනගහනය ග‍්‍රාමීය, වතු සහ නාගරික ලෙස පිළිවෙලින් 70‍%, 20.2‍% සහ 9.8‍% ක් ලෙස බෙදී ඇත..

භාෂාව තෝරාගන්න

Sinhala Tamil English

අමුත්තන්

අප සමඟ 21 අමුත්තන් ක් හා සාමාජිකයින් නොමැත සබැදී සිටී

අමුත්තන්

636420
අද
පසුගිය දින
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දින
626
1371
5852
6144
15903
18940
636420

ඔබේ IP: 204.79.180.21
Server Time: 2018-01-18 21:26:20
Joomla templates by Joomlashine